Update : දංකොටුවේදී 5ක් සමඟ ගිනිගත් වාහනයේ අයිතිකරු කොල්ලුපිටියේ

Friday, 11 March 2016 - 7:59

Update+%3A+%E0%B6%AF%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+5%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
දංකොටුව - ඉරබඩගම - කොස්හේනවත්ත ප්‍රදේශයේ වෑන් රථයක් ගිනිගෙන එහි සිටි පුද්ගලයින් 5 දෙනෙකු පිලිස්සී මියගොස් සිටියදී පොලිසිය අද (11) අලුයම සොයා ගත්තා.

මෙය ඝාතන සිද්ධියක් බවට සැකකරන පොලිසිය මීට සම්බන්ධ පුද්ගලයින් අනාවරණය කර ගැනීම සඳහා අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම වෑන් රථය කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ නමට ලියාපදිංචි කර ඇති බවයි.

දංකොටුව - ඉරබඩගම - කොස්හේනවත්ත ප්‍රදේශයේ අතුරු මාර්ගයක තිබී මෙම වෑන් රථය දංකොටුව පොලිසිය අද අලුයම සොයා ගත්තේ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුවයි.

ජන ශුන්‍ය ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශයට වෑන් රථය පැමිණ ඇත්තේ අද අලූයම 2 ත් 5 ත් අතර බවට පොලිසිය සැක කරනවා.

ගිනිගැනීම නිසා වෑන් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, මළ සිරුරු ද හඳුනාගැනීමට නොහැකි වන අන්දමින් පිලිස්සී තිබෙනවා.

දංකොටුව පොලිසියේ නිලධාරින් එම ස්ථානයට යන විට වෑන් රථයේ පිටුපස දොර ඇර තිබූ අතර, වෑන් රථයේ තිබෙන ස්ථානයේ මෙන්ම, එම ස්ථානයේ සිට මීටර් 500 ක් දුරට මාර්ගයේ ලේ පැල්ලම් ද දක්නට ලැබෙන බව පොලිසිය කියා සිටියා.

මෙම මළ සිරුරු කාගේ ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

මොවුන් ඝාතනය කර වෑන් රථයේ දමා මෙම ස්ථානයට රැගෙනවිත් ඊට ගිනිතබා ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

මෙම වෑන් රථය තිබෙන ස්ථානයේ මීට පෙර ද ඝාතන සිද්ධීන් සිදුවී ඇති බවට එම ස්ථානයට ගිය හිරු වාර්තාකරුට ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර තිබෙනවා.


Friday, March 11, 2016 12.32
-----------------------------------

5 ක් සමඟ ගිනිබත්වූ දංකොටුවේ වෑන් රථය (ඡායරූප)

දංකොටුව - ඉරබඩගම - කොස්හේනවත්ත ප්‍රදේශයේ වෑන් රථයක් ගිනිගෙන එහි සිටි පුද්ගලයින් 5 දෙනෙකු පිලිස්සී මියගොස් සිටියදී පොලිසිය අද අලුයම සොයා ගත්තා.

මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගෙන නොමැති අතර වෑන් රථය හා මළ සිරුරු මුළුමනින්ම දැවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත මේ පිළිබඳව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.