බ්‍රිතාන්‍ය අගමැතිගේ වැඩ මන්දගාමීයි

Friday, 11 March 2016 - 8:10

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%BA%E0%B7%92
ලිබියාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය මන්දගාමී බව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසනවා.

ඇමරිකාවේ පළ වන සඟරාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ලිබියාවේ පවතින ගැටුම් වෙනුවෙන් වෙන් කරන ආරක්ෂක වියදම් ඉහළ නැංවීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කටයුතු නොකිරීම කණගාටුවට කරුණක් බවයි.

කෙසේ වුවත්, බ්‍රිතාන්‍ය ලොව ත්‍රස්තවාදයට එරෙහිව ගෙන යන සටන සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයන බව ද ඇමරිකානු ජනාධිපතිවරයා මෙම සම්මුඛ සාකච්ඡාවේදී අනාවරණ කර තිබෙනවා.