සෙවනගල වෙඩි තැබීමක්, කාන්තාවක් මරුට

Friday, 11 March 2016 - 8:54

%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඇඹිලිපිටිය - සෙවණගල - හබරලූගම ප්‍රදේශයේ අද අලූයම සිදුවූ වෙඩි තැබීමකින් බිරිඳ මියගොස් ස්වාමි පුරුෂයා බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මොවුන් නිදා සිටියදී කිසියම් පුද්ගලයෙකු නිවසෙහි දොරක තිබූ සිදුරකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ මොවුන්ගේ දරුවන් දෙදෙනා ද නිවසෙහි සිට ඇති අතර ඔවුන්ට කිසිදු හානියක් සිදුව නැහැ.

පොලිසිය පැවසුවේ මේවන විට සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බවයි.