ඇලහැර ගොවීන් පිරිසක් විරෝධතාවයක

Friday, 11 March 2016 - 11:55

%E0%B6%87%E0%B6%BD%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A
ඇලහැර ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන 52 ක ගොවීන් මේ වනවිට බකමූණ නගර මධ්‍යයේ පිහිටි මහවැලි වටරවුමට එක්රැස් වී විරෝධතාවයක නිරත වනවා.

රුපියල් 350 ට පොහොර ලබාදෙන ලෙසත්, වී වලට රජය පොරොන්දු වූ සහතික මිල ලබාදෙන ලෙසත් ඉල්ලමිනුයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ.

ඒ සඳහා පොලොන්නරුව, මින්නේරිය, දියබෙදුම, ඇලහැර, බකමූණ සහ මැදිරිගිරිය ප්‍රදේශවල ගොවීන් එක්ව සිටින බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.