පුංචි ඡන්දය කල් යයි ?

Friday, 11 March 2016 - 12:43

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%3F
සීමානිර්ණ කටයුතු අවසන් වනතුරු පළාත් පාලන මැතිවරණය නොපවත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (11) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම පිළිබඳව මීට පෙර පාර්ලිමේන්තුවේ අසන ලද පැනයකට දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙම ඡන්ද විමසීම කල් දැමීමට ආණ්ඩුවට අවශ්‍යතාවක් නොමැති බවයි.

අගමැතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කළා.

එහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් පළාත් පාලන මැතිවරණය මේ දක්වා නොපැවැත්වීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළා.