උඩුවේ ධම්මාලෝක හිමි ඇප මත මුදා හරී

Friday, 11 March 2016 - 14:01

%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%87%E0%B6%B4+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B6%BB%E0%B7%93
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් අද නියෝග කළා.

ඒ අනුව උන්වහන්සේ රුපියල් ලක්ෂ 60 බැගින් වූ ශරීර ඇප තුනක් මතයි මුදා හැරීමට නියෝග කර ඇත්තේ.

අපවත් වී වදාල අස්ගිරි පාර්ශවයේ මහානාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයට සහභාගිවීමට ඉල්ලීම සුවිශේෂ කරුණක් ලෙස සලකා මෙම ඇප දීම සිදුකරන බවයි අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රකාශ කළේ.

නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයට සහභාගිවීම සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊයේ අවසර ලබාදුන්නා.

ධම්මාලෝක හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් මෝසමක් මාර්ගයෙන් ඉල්ලා සිටියේ උන්වහන්සේ ආදාහන පූජෝත්සව කමිටුවේ ක්‍රියාකාරී සාමාජිකයෙකු බැවින් ඒ සදහා සහභාගිවීමට ඇප ලබාදෙන ලෙසයි.

ඒ පිළිබදව සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා තීන්දුව ලබාදීම අදට කල් තබනු ලැබුවා.