මහානාහිමියන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා දෙස් විදෙස් විශාල පිරිසක්

Friday, 11 March 2016 - 14:26

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9E%E0%B6%BB%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
අපවත්වී වදාළ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි නාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වනවිට විශාල ජනකායක් පැමිණෙමින් සිටිනවා.

උන්වහන්සේගේ ශ්‍රී දේහය අස්ගිරි මහා විහාරයේ පවර උපාලි අනුස්මරණ ශාලාවේ තැන්පත් කර ඇති අතර මහානාහිමියන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා මැති ඇමතිවරුන්ට අමතරව විදේශීය තානාපතිවරුන් ද පැමිණෙන බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

අද උදෑසන මහානාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ද පැමිණියා.

අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ නාහිමියන්ගේ අපවත්වීම ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම, සමස්ත ලෝකවාසී බෞද්ධයන්ට ඉමහත් පාඩුවක් බවයි.