දංකොටුවේ වෑන් රථය ගිනි ගැනීම ගැන පරීක්ෂණ CIDයට

Friday, 11 March 2016 - 16:11

%E0%B6%AF%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+CID%E0%B6%BA%E0%B6%A7
දංකොටුව - ඉරබඩගම - කොස්හේනවත්ත ප්‍රදේශයේ වෑන් රථයක් ගිනිගෙන එහි සිටි පුද්ගලයින් 5 දෙනෙකු පිලිස්සී මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ සිද්ධියට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණ අද දහවල් සිදුකළ බවයි.

මෘත ශරීර 5 මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරී භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මුලස්ථානය පවසන්නේ.