හෙට මහනුවර විශේෂ රථ වාහන සැලැස්මක්

Saturday, 12 March 2016 - 8:03

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අපවත් වී වදාළ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි මාහිමිපාණන් වහන්සේගේ අදාහන පූජෝත්සවය නිමිත්තෙන් හෙට දිනයේදී මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ප්‍රකාශ කළා.

ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ උන්වහන්සේගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර ගමන් ගන්නා මාර්ගය පැය දෙකකට ආසන්න කාලයක් සම්පූර්ණයෙන්ම වසා තැබෙන බවයි.

ආදාහන පූජොත්සවය පැවැත්වෙන හෙට දහවල් දොළහ වන තෙක් උන්වහන්සේගේ ශ්‍රී දේහය මහජන ගෞවරය සදහා විවෘතව තැබෙනවා.

අනතුරුව ශ්‍රී දේහය ආගමික චාරිත්‍ර ඉටුකිරිම සදහ මහා සංඝරත්නය වෙත භාර දිමට නියමිතයි.