මාලදිවයින් ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Saturday, 12 March 2016 - 8:07

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මෙරට සංචාරයක නිරත වූ මාලදිවයින් යුවළකගේ ඡායාරූප ලබාගෙන ඔවුන්ගෙන් තර්ජනාත්මකව මුදල් ලබාගත් බව කියන තවත් මාලදිවයින් ජාතිකයන් දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාලදිවයිනේ හවීරු පුවත්පත මගින් සදහන් කරන පරිදි මොවුන් මෙලෙස මුදල් ලබාගෙන ඇත්තේ විවාහක යුවළකගෙන්.

ඔවුන්ගේ සංචාරයේ පෞද්ගලික ඡායාරූපවලින් එකක් අන්තර්ජාලයට එක් කර ඇති අතර, අනෙකුත් ඡායාරූප ද එක් කිරීමට පෙර කප්පම් මුදලක් ලබාදෙන ලෙසයි මෙම මාලදිවයින් ජාතිකයින් දෙදෙනා බල කර ඇත්තේ.

මුදල ලබාදුන් පසු ප්‍රසිද්ධ කළ ඡායාරූපය ද අන්තර් ජාලයෙන් ඉවත් කිරීමට ඔවුන් එකඟ වී තිබෙනවා.

කෙසේ නමුත් මෙරට පොලීසිය මගින් මෙලෙස කප්පම් ලබාගත් මාලදිවයින් ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මාර්තු 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

අත්අඩංගුවට ගත් මාලදිවයින් ජාතිකයින් දෙදෙනා ළඟ තිබී එරට දේශපාලනඥයන්ගේ පෞද්ගලික මට්ටමේ ඡායාරූප සහ වීඩියෝපට කිහිපයක් ද සොයාගනු ලැබූ බව සදහන්.