ඇමරිකාවේ චිකාගෝ නුවර ඡන්ද ගැටුමක්

Saturday, 12 March 2016 - 9:16

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%A0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9D+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය සඳහා තරඟ කරන ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ රැළියකට පෙර චිකාගෝ නුවර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා.

චිකාගෝ හි ඉලිනොයි විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේ ට්‍රම්ප්ගේ ප්‍රචාරක දේශනය පැවැත්වීමට නියමිතව තිබූ අතර ඊට පෙර එහි රැස්වූ ට්‍රම්ප්ගේ ආධාරකරුවන් සහ විරුද්ධවාදීන් අතර ප්‍රචණ්ඩ ගැටුම් ඇති වුණා.

මේ නිසා එම රැස්වීම අවලංගු කිරීමටයි රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂත්ව සටනේ පෙරමුණේ සිටින ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කළේ.

මැතිවරණ රැස්වීම පැවැත්වීමට නියමිතව තිබූ ශාලාව ඉදිරිපිට ඇති වූ ප්‍රචණ්ඩ ගැටුම් නතර කිරීම සඳහා පොලීසියට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බවයි විදෙස් වාර්තා සදහන් කළේ.