UPDATE:වැල්වැටිතුරෙන් හෙරොයින් තොගයක් සොයා ගැනේ

Saturday, 12 March 2016 - 11:01

UPDATE%3A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
යාපනය - වැල්වැටිතුරෙයි - තොණ්ඩමනාරු ප්‍රදේශයේ ළඳු කැළෑවක සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 2කට වැඩි ප්‍රමාණයක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

අද පෙරවරුවේ පොලීසියට ලද තොරතුරකට අනුව වෙරළට ආසන්න  එම ළඳු කැළෑ ප්‍රදේශයේ ස්ථානයක තිබී මෙම හෙරොයින් පාර්සලය සොයාගෙන ඇති බව සදහන්.

එහි වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ. තවදුරත් එම ප්‍රදේශයේ හෙරොයින් තිබේ දැයි පරීක්ෂා කරන බවයි පොලීසිය සදහන් කළේ.

මෙම හෙරොයින් මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට රැගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

රුපියල් කෝටියක වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 8කට වැඩි ප්‍රමාණයක් ද වැල්වැටිතුරෙයි - පොලිකන්ඩි බටහිර ප්‍රදේශයෙන් පසුගිය දා සොයා ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.   

යාපනය - පන්තෙ හන්දිය ප්‍රදේශයේදී පොලිස් බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී යතුරුපැදියකින් ප්‍රවාහනය කළ කේරළ ගංජා කිලෝග්‍රෑම් 6කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු පසුගිය මාර්තු 8 වන දා අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර, උතුරු ප්‍රදේශයෙන් වාර්තා වන මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, පොලිස්පතිවරයා සමඟ හෙට දිනයේදී යාපනයේ සංචාරයක නිරතවීමට නියමිතයි.