අවුරුදු 3 දියණිය බලා සිටියදී මව දුෂණය කරලා

Saturday, 12 March 2016 - 12:01

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+3+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%80+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී 28 හැවිරිදි කාන්තාවක් සමුහ දුෂණයට ලක් කිරීම පිළිබඳ ඇයගේ තුන් හැවිරිදි දියණිය පාපොච්ඡාරණය කර තිබෙනවා.

අදාළ කාන්තාව දින 14 ක් වයසැති බිළිඳා සහ තුන් හැවිරිදි දියණිය සමග බස් රථයක යාමට සුදානම්ව සිටියදී මෙම අපරාධයට ගොදුරුවී තිබෙනවා.

එහිදී කාන්තාව අතැතිව සිටි කුඩා බිළිඳා ද බිම ඇද වැටීමෙන් මරණයට පත්ව ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

අදාළ කාන්තාවට මත්ද‍්‍රව්‍යයක් බලහත්කාරයෙන් ලබාදී ඇය දුෂණය කර ඇතැයි ද අනාවරණ වී තිබෙනවා.

බස් රථයේ සැගවී සිටි 3 හැවිරිදි දියණිය විසිනුයි මෙම සිද්ධිය පොලිසිය හමුවේ හෙළිකර ඇත්තේ.

දුෂණයට ලක්වු කාන්තාවට තමාට සිදුවු අපරාධය පිළිබඳ කිසිවක් හෙළි කිරීමට හෝ මතකයක් නොමැති බව සඳහන්.

මෙම අපරාධයට සම්බන්ධ බස් රථ සේවකයන් දෙදෙනෙකු ඉන්දී්‍ය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.