පාන් මිල ඉහල යයි

Saturday, 12 March 2016 - 18:32

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B6%BD+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 7 යි ශත 20 කින් ඉහළ දැමීමත් සමඟ පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීම කෙරෙහි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ අවධානය යොමුවී තිබෙනවා.

එහි සභාපති එන්.කේ ජයවර්ධන සඳහන් කළේ මේ අනුව ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් 2 යි ශත 50 ත් රුපියල් 5 ත් අතර අගයකින් වැඩි වනු ඇති බවයි.

මේ අතර, දින 100 වැඩසටහන යටතේ රජය ආනයනික තිරිඟු කිලෝග්‍රෑමයක් සඳහා ලබාදී තිබූ රුපියල් 10ක තීරු බදු සහනය රුපියල් 4 දක්වා පහත හෙලනු ලැබූයේ ලෝක වෙළදපළේ තිරිඟු මිල අඩුවීම නිසා බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

දේශීය වශයෙන් සහල් නිෂ්පාදනය ඉහළ යාම ද ඊට එක් හේතුවක්.

තීරු බදු සහනය පහත හෙලීම පසුගිය පෙබරවාරි 9 වන දා සිට ක්‍රියාත්මකයි.

තිරිඟු ආනයනයේදී බල පවත්වන බදු ඉහළ යාම හේතුවෙනුයි ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල අද (12) සිට රුපියල් 7යි ශත 20 කින් ඉහළ නංවනු ලැබුවේ.

කෙසේ වෙතත්, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයෙහි සභාපති එන්.කේ ජයවර්ධන කියා සිටියේ පාන් ගෙඩියක මිල ස්ථාවරව පවත්වා ගෙන යාම සඳහා ඉදිරියේදී රජය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.