සුරංගනා ලෝකයක් බිහි කිරීමට අවශ්‍ය නෑ

Saturday, 12 March 2016 - 19:29

%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%91
රට තුළ සුරංගනා ලෝකයක් බිහිකිරීමට නොහැකි වුවත් පිරිසිදු දේශපාලන ක්‍රමයක් ඇති කිරීම තම බලාපොරොත්තුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ  බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (12) පැවැති මාර්තු 12 ව්‍යාපාරයේ වර්ෂ පූර්ණ උත්සවයට එක්වෙමින්.

උත්සවය ඇමතූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි විශ්වවිද්‍යාල කථිකාචාර්ය ධුරයක් සම්බන්ධයෙන් පසුගියදා මතුවූ සංවාදය පිළිබඳව ද අදහස් පළ කළා.

එහිදී උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ක්‍රියා කළ ආකාරය වැරදි බව ප්‍රකාශ කළ ඔහු තනතුරක් වෙනුවෙන් දේශපාලන අධිකාරියේ පිහිට පතන ක්‍රමයද වෙනස්විය යුතු බවද සඳහන් කළා.