සීදූවේ සමාජශාලාවට ගල්මුල් ප්‍රහාර

Sunday, 13 March 2016 - 7:41

%E0%B7%83%E0%B7%93%E0%B6%AF%E0%B7%96%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
සීදුව - ලියනගේමුල්ල ප්‍රදේශයේ රාත්‍රී සමාජශාලාවක් තුළ ඇති වූ ගැටුමකින් මියගිය ගයාන් දර්ශනගේ දේහය ඊයේ එම සමාජශාලාව තුළට රැගෙන ඒමත් සමඟ උණුසුම් තත්ත්වයක් මතුවුණා.

ඥාතීන් සහ මිතුරන් දේහය සුසාන භූමියට රැගෙන යන අතරතුරයි එම ස්ථානයට පැමිණියේ.

විරෝධතාකරුවන් සමාජශාලාවට ගල් ප්‍රහාර එල්ල කළ අතර එහිදී කලබලකාරී තත්ත්වයක් මතුවුණා.

පොලිසියේ කිහිප දෙනෙකු එම ස්ථානයේ රැඳී සිටියත් ඔවුන්ට තත්ත්වය පාලනය කිරීම පහසුවූයේ නැහැ.                                                         

සීදුව - ලියනගේමුල්ල ප්‍රදේශයේ රාත්‍රී සමාජශාලාවක් තුළ ඇති වූ ගැටුමකින් ගයාන් දර්ශන මියගියේ පසුගිය 09 වනදා අලූයමයි.

22 හැවිරිදි මොහු තවත් මිතුරෙකු සමඟ අදාළ රාත්‍රී සමාජශාලාවට ගොස් තිබෙනවා.

එහිදී රාත්‍රී සමාජ ශාලාවේ සිටි ආරක්ෂක නිලධාරියෙකු මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

පසුව සැකකරු පොලිසිය අත්අඩංගුවට ගත්තා.