මන්නාරමේදී ඉන්දීය ධීවරයන් 23 ක් අත්අඩංගුවේ

Sunday, 13 March 2016 - 8:23

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+23+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A
මන්නාරම - වැලිපාර මුහුදු තීරයේදී මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තාල්පාඩු නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම ඉන්දීය ධීවරයින් මන්නාරම පොලීසිය වෙත භාරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මෙම ධීවරයින් සමඟ ඔවුන් පැමිණි ධීවර බෝට්ටු 3 ක්ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 15 ත් 56 ත් අතර වයසේ පසුවන ඉන්දීය ජාතිකයින් පිරිසක්.

ඔවුන් අද දිනයේ මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගැනුනු ධීවරයන් පිරිස හැරුණු කොට මෙරට මුහුදු තීරයට අනවසරයෙන් පිවිසීම නිසා අත්අඩංගුවට පත් තවත් ඉන්දීය ධීවරයන් 64 දෙනෙකු මෙරට බන්ධනාගාර ගතව පසුවනවා.

එලෙස ශ්‍රී ලංකාවේ රඳවාගෙන ඇති ඉන්දීය ධීවර බෝට්ටු සංඛ්‍යාව 86ක්.

එම ඉන්දීය ධීවරයන් සහ බෝට්ටු අවස්ථා කිහිපයකදී නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය මගින් අත්අඩංගුවට ගැනුනා.