සහයෝගයෙන් වැඩ කරන්න -යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි

Sunday, 13 March 2016 - 8:32

%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලය සමඟ සමීපව කටයුතු කරන ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කළා.

ජිනීවා නුවර ජගත් මානව හිමිකම් මණ්ඩලයේ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම  විසින් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.

එමඟින් කියා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන්ගේ කාර්යාලය සමඟ ශ්‍රී ලංකාව කටයුතු කිරීම පිළිබඳව පැසසිය යුතු කරුණක් බවයි.

එහෙත් එම සහයෝගීතාව තවත් සමීපව වැඩිදියුණු කරලීම සඳහා යුරෝපා සංගමය ශ්‍රී ලංකාව දිරිගන්වන බවයි නියෝජිත කණ්ඩායම ප්‍රකාශ කළේ.

විශේෂයෙන් පසුගිය වසරේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත කරගැනුනු ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව පූර්ණ වශයෙන් ක්‍රියාවට නැංවීම සඳහා එවැනි සහයෝගීතාවක් අවශ්‍ය බවයි යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ.

මේ අවස්ථාවේදී ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට සහය විය යුත්තේ කවර ආකාරයෙන්ද යන්න පිළිබඳව ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගෙන් විමසා සිටින බවත් ජිනීවා නුවර යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම ප්‍රකාශ කළා.

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 31 වන සැසිවාරයට සහභාගි වෙමින් කියා සිටියේ ඉදිරි මාස කිහිපය ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් වන බවයි. ශ්‍රී ලංකාව වගවීම සංහිඳියාව සහ තිරසාර සාමය සඳහා ස්වයං මාවතක් ඔස්සේ ගමන් කරන බව ඔහු කියා සිටියා.


සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2517 දක්වා ඉහළට
Monday, 03 August 2020 - 13:49

තවත් කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව... Read More

සම්පායෝ අධිකරණයට රැගෙන යයි
Monday, 03 August 2020 - 13:34

අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින... Read More

කොරෝනා හේතුවෙන් අවදානමට ලක්වූ සංචාරක කර්මාන්තය (වීඩියෝ)
Monday, 03 August 2020 - 13:29

කොරෝනා වසංගතය හමුවේ බලපෑමට ලක්ව ඇති ක්ෂේත්‍ර අතර ප්‍රධාන... Read More