මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා ගැන ඔබාමාගෙන් අනතුරු ඇඟවීමක්

Sunday, 13 March 2016 - 8:40

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඇමරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සඳහා තරඟ වදින පුද්ගලයන්ට ජනාධිපති බැරැක් ඔබාමා ඊයේ අනතුරු ඇඟවීමක් කළා.

ඒ ගැටුම් ඇතිවන ආකාරයෙන් කටයුතු නොකරන ලෙසටයි.

රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය සඳහා තරඟ වදින ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ රැළියක් ඊයේ අවලංගු කිරීමට සිදුවූයේ චිකාගෝ නුවර ඔහුගේ ආධාරකරුවන් සහ ප්‍රතිවාදීන් අතර ප්‍රචන්ඩ ගැටුම් ඇතිවීමත් සමඟයි.

විශේෂයෙන් අපේක්ෂකයන් අපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීම මෙම ගැටුම්වලට හේතුවිය හැකි බවයි ජනාධිපති ඔබාමා පෙන්වා දෙන්නේ.

විශේෂයෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගියදා සිදුකළ ප්‍රකාශ කිහිපයක්ම මතභේදයට ලක්වුණා.