නිල් මානෙල් මල වෙනුවට ජාතික පුෂ්පය ලෙස මානෙල් මල නම් කර තිබෙනවා.
ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා පත්මා අබේකෝන් කියා සිටියේ මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය හිමිව ඇති බවයි.
විශේෂඥ මණ්ඩලයක් මගින් ජාතික පුෂ්පය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු අධ්‍යයනයකින් අනතුරුව මානෙල් මල ඒ සඳහා යෝජනා කෙරුණු බව ඇය කියා සිටියා.
නිල් මානෙල් මලට අදාළ ඡායාරූප සහ සටහන්වල වෙනත් මලක් භාවිත වීම හේතුවෙන් පසුගිය කාලයේ ජාතික පුෂ්පය පිළිබඳව විවිධ කතාබහ මතුවුණා.
දැනට භාවිත වන නිල් මානෙල් මල විදේශීය පුෂ්පයක් වන අතර සුදු ලා නිල් පැහැති පෙතිවලින් සමන්විත නිම්ෆියා නවුචලි නැමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මානෙල් මල දේශීය පුෂ්පය වන බවයි ඇය කියා සිටියේ.
එම මල වියලි කලාපීය ජලජ පරිසරයන්හි ව්‍යාප්තව පවතිනවා.
ශ්‍රී ලංකාවට ආවේණික මෙම මලෙහි පෙති සහ රේණු සංඛ්‍යාත්මකව අඩු අතර එම මල දැනට භාවිත කරන දම් පැහැති මානෙල් මලට සමානතාවයක් නොදක්වන බවයි ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක පත්මා අබේකෝන් වැඩිදුරටත් හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.

Follow US

Most Viewed Stories