ජනපති - අගමැති අස්ගිරි මහ නාහිමියන්ට අවසන් ගෞරව දක්වයි

Sunday, 13 March 2016 - 13:07

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9E%E0%B6%BB%E0%B7%80+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
අපවත්වී වදාළ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී නාහිමියන්ගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ අවසන් ගෞරව දක්වනු ලැබුවා.

එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද මහ නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.  

මහජනතාවට දේහයට ගෞරව දැක්වීමට ලබාදී තිබූ අවස්ථාව පස්වරු 12.30 න් අවසන් වුණා.

අස්ගිරි මහ නාහිමියන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද පස්වරුවේ සිදු කෙරෙන්නේ අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගනයේදීයි.
 
එසේම අද මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ද පොලිසිය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

පස්වරු 3.30 දක්වා එය ක්‍රියාත්මක බව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී දිසානායක සඳහන් කළා.

ජනාධිපතිවරයා එහිදී මාධ්‍ය වෙත අදහස් දකවමින් ප්‍රකාශ කලේ මහනායක හිමියන්ගේ අපවත් වීම රටට දැයට සිදුවූ විශාල පාඩුවක් බවයි