මලයාසියාව විදේශ ශ්‍රමිකයන් බඳවාගැනීම අත්හිටුවයි

Sunday, 13 March 2016 - 13:19

%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%B3%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
නව විදේශ ශ්‍රමිකයන් සිය රට තුළට ඇතුලූ කරගැනීම වහාම අත්හිටුවීමට මලයාසියානු රජය තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත් එම තීරණය ගෘහසේවිකා අංශයට බලනොපාන බවයි එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය අහමඞ් සාහිඞ් හමිඩි ප්‍රකාශ කළේ.

වෙනත් රටවලින් ශ්‍රමිකයන් බඳවාගැනීම නතර කරන ලෙස තම රටේ සමාගම් වෙත දැනුම්දී ඇති මලයාසියානු රජය ප්‍රකාශ කර ඇත්තේ දැනට එහි සිටින විදේශ ශ්‍රමිකයන් යළි සේවයට යොදවාගැනීමේ වරදක් නොමැති බවයි.

ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ බවට සැකපිට බංග්ලාදේශ ජාතිකයන් 27 දෙනෙකු පසුගියදා මලයාසියාව අත්අඩංගුවට ගත්තා.

මේ නිසා බංග්ලාදේශයෙන් ශ්‍රමිකයන් මිලියන 1.5 ක් බඳවාගැනීම සඳහා පැවති සැළසුම් මලයාසියාව අත්හැර දමා ඇති බවයි විදෙස් ප්‍රවෘත්ති සේවා සඳහන් කළේ.