වසරේ දීර්ඝතම විදුලිය බිඳ වැටීම ගැන දැනුවත් කිරීමට විශේෂ හමුවක්

Monday, 14 March 2016 - 8:05

%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D%E0%B6%AD%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
වසර 20කට පසු වාර්තාවූ දීර්ඝතම විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් අද උදෑසන පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා විදුලිබල අමාත්‍යවරුන් මෙන්ම සියලූම පාර්ශවයන් නියෝජනය කරන නිලධාරින්ද සහභාගි වන බවයි වාර්තාවන්නේ.

මේ අතර තම ඉල්ලා අස්වීමේ ලිපිය අද උදෑසන විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වෙත භාරදෙන බව විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

දැනට සිදුකරන ලද පරීක්ෂනවලින් අනාවරණ වී ඇත්තේ බියගම විදුලි උපපොලේ සිදුවූ විශාල පිපිරීමක් විදුලිය බිඳ වැටීමට හේතුවී ඇති බවයි.

කෙසේ වෙතත් එය තාක්ෂණික දෝෂයක් නිසා සිදුවූවක්ද? නැතහොත් කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න පිළිබඳවද පරීක්ෂණ ක්‍රියාත්මක බවයි විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල වැඩිදුරටත් කියා සිටියේ.