ඊජිප්තු අධිකරණ ඇමති ධුරයෙන් ඉවත් කරයි

Monday, 14 March 2016 - 8:16

%E0%B6%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඊජිප්තු අධිකරණ අමාත්‍ය අහමඞ් අල් සින්ද් එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ඉස්ලාම් ආගමට අගෞරව වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන්.

අධිකරණ අමාත්‍යවරයා රූපවාහිනී සාකච්ඡාවක් අතරතුර ප්‍රකාශ කර ඇත්තේ වරදක් කර ඇත්නම් මුහම්මද්තුමා වුවත් සිරගත කිරීමට තමන් පසුබට නොවන බවයි.

මෙම ප්‍රකාශයෙන් අනතුරුවයි එරට අග්‍රාමාත්‍යවරයා විසින් ඔහුව තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ.