සැකකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු මරුට

Monday, 14 March 2016 - 12:09

%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් ස්ථානය වෙත රැඟෙන යමින් සිටියදී ඊයේ සවස අමෙරිකාවේ වොෂින්ටන් නුවර මේරිලෑන්ඩ් පොලිස් ස්ථානය ඉදිරිපිටදී එක් සැකකරුවෙකු විසින් එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබෙනවා.
 
වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ Jacai Colson නම් 28 හැවිරිදි පොලිස් නිලධාරියෙක්.

ඔහු 29 වන උපන් දිනයට එක දිනක් ඉතිරිව තිබියදීයි මෙසේ මියගොස් ඇත්තේ.

පොලිසිය සහ සැකකරුවන් අතර මෙහිදී වෙඩි හුවමාරුවක් සිදුව ඇති අතර එහිදී වෙඩි තැබීම සිදුකල සැකකරුට වෙඩි වැදී ඇතිමුත් ඔහුට එමගින් බරපතල හානියක් සිදු නොවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.