ඕනෑම මොහොතක විදුලිය විසන්ධි විය හැකියි-ඇමති රංජිත් සියඹලාපිටිය

Monday, 14 March 2016 - 13:23

%E0%B6%95%E0%B6%B1%E0%B7%91%E0%B6%B8+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92-%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B9%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA
නොරොච්චෝලේ තාප බලාගාරය අක්‍රියවීමත් සමඟ  ඕනෑම මොහොතක විදුලිය බිඳවැටීමක් සිදුවිය හැකි බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු කියා සිටියේ මේ නිසා අරපිරිමැස්මෙන් විදුලි පාරිභෝජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

දිවයින පුරා ඊයේ සිදුවූ විදුලිය විසන්ධිවීමත් සමඟ නොරොච්චෝලේ තාප බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙහි විදුලි උත්පාදන කටයුතු ඇණ හිටියා.

මෙම සිද්ධියත් සමඟ දිවයිනේ  ඕනෑම ප්‍රදේශයකට වරින් වර විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

ඇතැම් ප්‍රදේශවලට අද  පෙරවරුවේ විටින් විට විදුලිය විසන්ධි  කෙරුණු බව වාර්තා වුණා.

කෙසේ වෙතත් නොරොච්චෝලේ තාප බලාගාරය යළි යථා තත්වයට පත්වන තුරු ඉදිරි දින තුන ඇතුළත මෙම තත්ත්වය පැවතිය හැකි බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ.