දෙහිවල බෝම්බ සිද්ධියේ වරද පිළිගත් එල්.ටී.ටී.ඊ විත්තිකරුවන් දෙදෙනෙකුට සිරදඩුවම්

Monday, 14 March 2016 - 13:48

%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B6%BD+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B6%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
1996 වසරේ දෙහිවල දුම්රිය ස්ථානයේ සිදුවූ බෝම්බ පිපිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට වරද පිළිගත් එල්.ටී.ටී.ඊ විත්තිකරුවන් දෙදෙනෙකුට වසර 2  බැගින් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළා.

ත්‍රස්තවාදී නඩු විමර්ශනය සදහා පිහිටුවනු ලැබූ විශේෂ මහාධිකරණයේ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරන අයිරාංගනී පෙරේරා නියෝග කළේ මොවුන් දෙදෙනා වසර බැගින් පුනරුත්ථාපනය සදහා යොමුකරන ලෙසයි.

දෙහිවල දුම්රිය ස්ථානයේදී දුම්රියක් තුළ සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් 69 දෙනෙකු මියගොස් තවත් 400 කට වැඩි සංඛ්‍යාවක් තුවාල ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු විත්තිකරුවන් දෙදෙනා වසර 20 කට වැඩි කාලයක් රිමාන්ඞ් බන්ධනාගාරයේයි පසුවූයේ.