තුර්කියේ ත්‍රස්ත ක්‍රියා වැළැක්වීමට තුර්කි ජනාධිපති සැරසේ

Monday, 14 March 2016 - 15:39

%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීම සදහා තුර්කියේ ආරක්ෂක වැඩපිළිවෙල තවත් ශක්තිමත් කරන බව තුර්කි ජනාධිපති අර්ඩවාන් පවසනවා.

පසුගියදා ඇන්කාරා නගරයේදී සිදුවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

එම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

කෙසේ වුවත් තුර්කි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීම සඳහා ජනප්‍රිය නොවන තීරණ ගැනීමට ද තමන්ට සිදුවන බවයි.