සිරියාවේ සිටින රුසියානු හමුදාව ඉවත් කරනවා

Tuesday, 15 March 2016 - 8:14

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F
සිරියාවේ යොදවා ඇති සිය හමුදා ඉවත් කර ගැනීම ආරම්භ කරන්නැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නියෝග කර තිබෙනවා.

ඊයේ මෙම නියෝගය නිකුත් කරමින් රුසියානු නායකයා කියා සිටියේ සිරියානු මෙහෙයුම්වල සිය ඉලක්ක සපුරාගෙන ඇති බවයි.

පස් වසරක් තිස්සේ පවතින සිරියානු සිවිල් යුද්ධයට තිරසාර විසඳුමක් ලබා ගැනීම සඳහා ජිනිවා සාම සාකච්ඡා ආරම්භ වී ඇති මොහොතකයි ජනාධිපති පුටින් මෙම නියෝගය සිදුකර ඇත්තේ.

රුසියාව, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජයේ සමීපතම හිතවතෙක්.

සිරියාවේ රුසියානු හමුදා ඉවත් කර ගැනීමේ තීරණය අසාද්ගේ රජය විසින් ද අනුමත කර තිබෙනවා.

රුසියාව සිරියානු මෙහෙයුම් ආරම්භ කළේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදියි.

ඒ වන විට ජනාධිපති අසාද්ගේ රජය කැරළිකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් බිද වැටීමේ අවදානමකට මුහුණ දී සිටියා.

එහෙත් මාස 6ක රුසියානු මෙහෙයුම්වලින් අනතුරුව සිරියානු කැරළිකරුවන් සතුව තිබූ වර්ග කිලෝමීටර් දස දහසක භූමිය අත්පත් කර ගැනීමට ජනාධිපති අසාද්ගේ රජයට හැකි වුණා.