Update : සුමිත්ගේ සිරුර සහ සිරුරු කොටස් කොළඹට

Tuesday, 15 March 2016 - 8:22

Update+%3A++%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7
පොලිසිය සමඟ ඇති වූ ගැටුමකින් අනතුරුව මියගිය ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්නගේ මළ සිරුර ගොඩ ගැනීම ඇඹිලිපිටිය නව නගරයේ පිහිටි පොදු සුසාන භූමියේදී අද උදෑසන 8ට පමණ සිදු කෙරුණා.

ඒ ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු ඉදිරියේයි.

එහිදී මියගිය සුමිත් ප්‍රසන්නගේ මව සහ සහෝදරයෙකු මෙම මළ සිරුර ඔහුගේ බවට හදුනාගෙන තිබෙනවා.

සුමිත් ප්‍රසන්නගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගොඩ ගැනුනේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයකට අනුවයි.

ඒ සඳහා නීතිපතිවරයා ඉල්ලීමක් කර තිබුණා.

මීට පෙර මෙම මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පසුගිය 10 වැනිදා ගොඩ ගැනීමට නියමිතව තිබුණත් පසුව එය අද දක්වා කල් තැබුවා.

සුමිත් ප්‍රසන්නගේ මළ සිරුර ගොඩ ගැනීමේ අවස්ථාවට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් ඇතුළු වෛද්‍යවරුන් තුන්දෙනෙකු එක්ව සිටියා.

මළ සිරුර ගොඩ ගන්නා ආකාරය දැක් බලා ගැනීමට සුමිත් ප්‍රසන්නගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් ද එක්ව සිටි බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එහෙත් මියගිය සුමිත් ප්‍රසන්නගේ බිරිද මෙම අවස්ථාවට එක්ව සිටියේ නැහැ.

මළ සිරුර ගොඩ ගැනීමෙන් පසුව ඥාතීන් විසින් දේහය හදුනාගැනීමෙන් අනතුරුව එම කොටස් සීල් තබා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තැන්පත් කිරීම සඳහා රැගෙනවිත් තිබෙනවා.

මේ අතර සුමිත් ප්‍රසන්නගේ දේහයේ අවශේෂ කොටස් කිහිපයක් එම සුසාන භූමියේ වෙනත් ස්ථානයක වලදමා තිබියදී ඒවාද ගොඩගෙන සිල් තබා කොළඹට රැගෙන ඒමට කටයුතු කරනු ලැබූ බවයි අප වාර්තාකරු කියා සිටියේ.

ඇඹිලිපිටිය - මහඇල  ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර පොලිසිය සමඟ ඇතිවූ ගැටුමකින් සුමිත් ප්‍රසන්න මියගියේ පසුගිය ජනවාරි 07 වැනිදායි.

මෙම සිද්ධියට ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී ඞී. සී. ධර්මරත්න අත්අඩංගුවට ගත් අතර ඔහු ලබන මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.


Update : Tuesday, March 15, 2016 12.35
-----------------------------------------------

පොලීසිය සමඟ ඇති වූ ගැටුමකින් අනතුරුව මිය ගිය ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්නගේ සිරුර ගොඩ ගැනීම ඇඹිලිපිටිය නව නගරයේ පිහිටි පොදු සුසාන භූමියේදී අද උදෑසන ගොඩ ගැනුණා.

ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු ඉදිරියේදී සිරුර ගොඩ ගැනීමට ඇඹිලිපිටිය නගර සභාවේ සේවකයන් එක්ව සිටියා.

සිරුර සුමිත් ප්‍රසන්නගේ මව සහ වැඩිමහල් සහෝදරයා විසින් හඳුනා ගනු ලැබුවා.

එම අවස්ථාවට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් ඇතුළු වෛද්‍යවරුන් තුන්දෙනෙකු පැමිණ සිටි අතර සිරුර කොළඹට රැගෙන ඒමට පියවර ගැනෙනවා.

නව මරණ පරීක්ෂණය පැවැත්වෙනු ඇත්තේ කොළඹ ප්‍රධාන අධිකරණ කාර්යාලයේදියි.

සුමිත් ප්‍රසන්නයේ සිරුර ගොඩ ගැනීමේ අවස්ථාවට ඔහුගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පැමිණ සිටි අතර බිරිඳ පැමිණි නොසිටි බව හිරු වාර්තාකරු සදහන් කළා.

Update : Tuesday, March 15, 2016 10.14
-----------------------------------------------

පොලීසිය සමඟ ඇති වූ ගැටුමකින් අනතුරුව මිය ගිය ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්නගේ සිරුර ගොඩ ගැනීම ඇඹිලිපිටිය නව නගරයේ පිහිටි පොදු සුසාන භූමියේදී අද උදෑසන ආරම්භ වුණා.

ඒ, ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු ඉදිරියේයි.

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් ඇතුළු වෛද්‍යවරුන් තුන්දෙනෙකු සුමිත් ප්‍රසන්නගේ නව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා එහි ගොස් සිටිනවා.

ඇඹිලිපිටියේ තරුණයාගේ සිරුර ගොඩ ගැනීම සඳහා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා පසුගිය දා නියෝගයක් ලබා දුන්නා.

ඒ අනුව ඇඹිලිපිටිය නගර සභාවේ සේවකයන් සිරුර ගොඩ ගැනීම සඳහා කටයුතු කරන අතර එම අවස්ථාව දැක බලා ගැනීමට සුමිත් ප්‍රසන්නගේ පවුලේ ඥාතීන් පැමිණ සිටින බව එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියා.