උසස් කුලයේ තරුණියක් විවාහ කරගත් තරුණයාට, දෑවැද්දට මරණය

Tuesday, 15 March 2016 - 8:35

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7%2C+%E0%B6%AF%E0%B7%91%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
උසස් කුලයක් සැලකෙන තේවාර් කුලයේ තරුණියක් විවාහ කර ගත් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කුලහීන තරුණයෙකු, තරුණියගේ ඥාතීන් විසින් ඝාතනය කර තිබෙනවා.

කෞශල්‍යා නමැති 19 හැවිරිදි තරුණිය ද මෙහිදී තුවාල ලබා ඇති අතර, ඇය රෝහල් ගත කර ඇති බව සදහන්.

මිය ගොස් ඇත්තේ ඩාලිට් හෙවත් පහත්ම ලෙස සැලකෙන කුලයකට අයත් 23 හැවිරිදි ඉංජිනේරු ශිෂ්‍යයෙක්.

තිරුපූර් හිදී ඉරිදා ඔවුන්ට එල්ල වූ ප්‍රහාරය සිසි ටීවී කැමරාවල සටහන්ව තිබූ අතර, එහි දැක්වෙන්නේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් තුන්දෙනෙකු ඔවුන්ට තිබුණු ආයුධවලින් පහර දෙන ආකාරයයි.

සිද්ධිය සම්බන්ධයෙන් මිය ගිය තරුණයාගේ මාමණ්ඩිය පොලීසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබුවා.