Update : විදුලිය විසන්ධි කෙරෙන කාලසටහන නිකුත් කරයි ?

Tuesday, 15 March 2016 - 11:05

Update+%3A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%3F
අදත් දිවයිනේ ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳ වැටීම් වාර්තා වුණා.

කොළඹ නගරය ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ වලට ද මෙලෙස විදුලිය කපා හැරීමට සිදුවූ බවයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ.

විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.සී. වික්‍රමසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ නොරොච්චෝලේ විදුලි බලාගාරය ක්‍රියා විරහිත වී තිබීම නිසා විටින් විට විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවයි.

අක්‍රියව පවතින නොරොච්චෝලේ විදුලි බලාගාරය නිරීක්ෂණය කිරීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද එහි සංචාරයක නිරත වනවා.

කෙසේ වෙතත්, විදුලිය විසන්ධි කෙරෙන ප්‍රදේශ සහ වේලාවන් ඇතුළත් කාලසටහන අද දිනයේදී අමාත්‍යවරයා ප්‍රකාශයට පත් කරනු ඇති බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.සී. වික්‍රමසේකර වැඩිදුරටත් සදහන් කළා.

Update : Tuesday, March 15, 2016 12.50
-------------------------------------------------

කොළඹ කොටුව ඇතුළු දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මේ වන විට විදුලිය විසන්ධි වී තිබෙනවා.

මේ පිළිබඳව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.සී. වික්‍රමසේකරගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ නොරොච්චෝලේ තාප බලාගාරය තවමත් ක්‍රියා විරහිත වී තිබීම නිසා මෙලෙස විදුලිය විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

මේ අතර, විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද නොරොච්චොලේ තාප බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වනවා.