සැමියා රට නම් ජනපති වෙන්න බැරි වෙයි ?

Tuesday, 15 March 2016 - 11:02

%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%3F
හමුදා පාලනයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයකට අවතීර්ණ වන මියන්මාරයේ නව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම අද සිදුකෙරෙන බව එරට පාර්ලිමේන්තුව ඊයේ සහතික කළා.

ඒ අනුව මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන්සාන් සුකීගේ තේරීම වන හිටින් කියාවු නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වනු ඇතැයි අපේක්ෂිතයි.

පසුගිය දා පැවැති මහමැතිවරණයෙන් අවුන්සාන් සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගත්තා.

එහෙත් හමුදා පාලනය මගින් සිදුකළ ව්‍යවස්ථා සංශෝධනයක් හේතුවෙන් අවුන්සාන් සුකීට එරට ජනාධිපති ධුරය සඳහා තේරී පත්විය නොහැකියි.

ඒ ඇගේ සැමියා විදේශිකයෙකු වීම හේතුවෙන්.