සේයා ඝාතකයාට මරණදඬුවම

Tuesday, 15 March 2016 - 12:09

%E0%B7%83%E0%B7%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8
කොටදෙනියාව - සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට වරදකරු වූ සමන් ජයලත්ට මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න අද මරණ දඩුවම නියම කළා.

මීගමුව බන්ධනාගාරයේ රදවා සිටි විත්තිකරු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ අධිකරණ භූමියට රැගෙන විත් තිබූ බවයි එහි සිටි අප වාර්තාකරු සදහන් කළේ.

මොහුට විරුද්ධව අධි චෝදනා 4ක් යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබුණා.

සේයා සදෙව්මි දැරිය පැහැරගෙන යාම, දූෂණය කිරීම, බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීම සහ ඇයගේ මරණය සිදුකිරීම මෙම චෝදනායි.

ඒ අනුව පළමු චෝදනාවට විත්තිකරුට එරෙහිව වසර 20ක සිර දඩුවමක් සහ රුපියල් 10,000ක දඩයක් නියම කළ විනිසුරුවරයා දෙවැනි චෝදනාවට තවත් වසර 20ක් සහ රුපියල් 25,000ක දඩයක් නියම කර තිබෙනවා.

තුන්වන චෝදනාවට තවත් වසර 20ක සහ රුපියල් 10,000ක දඩයක් විත්තිකරුට නියම කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.

මොහුට විරුද්ධව ඇති 4 වන චෝදනාව වන සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙනුයි විත්තිකාර සමන් ජයලත්ට අධිකරණය මරණ දඩුවම නියම කර ඇත්තේ.

සේයා සදෙව්මි ඝාතන නඩුව මීගමුව මහාධිකරණයේදී දිනපතා විභාගයට ගැනුණේ පසුගිය ජනවාරි මස 25 වැනිදා සිටයි.

එහිදී මිනුවන්ගොඩ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ඞී.ඒ. රුවන් පතිරණ සේයා සදෙව්මි දැරියගේ දෙමව්පියන් ඇතුළු 30කට ඇතුළු පිරිසක් සාක්ෂි ලබාදී තිබුණා.

සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් ඝාතනය කර තිබුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මස 12 වැනිදායි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පාසල් සිසුවෙකු, එක්දරු පියෙකු සහ සමන් ජයලත් නමැත්තාගේ සහෝදරයා වන කොණ්ඩයා නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන පසුව මුදා හැර තිබුණා.