ජනපතිගේ මැතිවරණ කාර්යාලයට පහර දුන් මන්ත්‍රීවරුන් 2ක් අත්අඩංගුවට

Tuesday, 15 March 2016 - 12:44

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+2%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පොලිස් විශේෂ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පසුගිය ජනාධිපතිවරණ සමයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අරලගංවිල පක්ෂ කාර්යාලයකට වෙඩිතබා පුද්ගලයන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන්.

ධම්මික නිශාන්ත සහ අනුරාධ රත්නායක යන මන්ත්‍රීවරුන් මෙලෙස ඊයේ රාත්‍රීයේ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ අරලගංවිල ප්‍රදේශයේදීයි.

මොවුන් අද පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 4 දෙනෙකු  අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලිසිය සඳහන් කළා.