කර්මාන්ත ශාලාවක පිපිරීමකින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි

Tuesday, 15 March 2016 - 14:00

%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මීගමුව - කිඹුලාපිටියේ පිහිටි රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සදහන් කළේ මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් කම්හල තුළ  මෙම පිපිරීම සිදුවී ඇති බවට සැක පළ කරන බවයි.

කර්මාන්ත ශාලාවේ සේවකයින් තුන්දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති අතර, ඔවුන්ගේ සිරුරු මේ වන විට මීගමුව රෝහලට රැගෙනවිත් තිබෙනවා.

පිපිරීමත් සමඟ ඇති වූ ගින්නෙන් අදාළ කර්මාන්ත ශාලාව මුළුමනින්ම විනාශ වී ඇතැයි පොලීසිය සදහන් කළා.