උතුරු කොරියාව න්‍යෂ්ටික අවි පෙන්වයි

Tuesday, 15 March 2016 - 13:49

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
තම රටේ නිෂ්පාදිත න්‍යෂ්ටික බෝම්බ සහ බැලිස්ටික් මිසයිල නුදුරේදීම අත්හදා බැලීමට සූදානම් බව උතුරු කොරියානු නායක කිම් ජොං අන් ප්‍රකාශ කළා.

එමගින් තම රටේ න්‍යෂ්ටික ප්‍රහාරක හැකියාව ශක්තිමත් වනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික පිපිරවීම් සහ මිසයිල අත්හදා බැලීම් හේතුවෙන් එරටට එරෙහිව ජගත් සංවිධාන සම්බාධක ක්‍රියාත්මකයි.

එහෙත් එම සම්බාධක නොතකා තම න්‍යෂ්ටික හැකියාවන් පෙන්නුම් කිරීමට උතුරු කොරියාව උත්සාහ දරනවා.

න්‍යෂ්ටික පිපිරීම් සිදුකළ ද මිසයිලයක සවි කළ හැකි ආකාරයේ කුඩා ප්‍රමාණයේ න්‍යෂ්ටික බෝම්බයක් උතුරු කොරියාවට නිෂ්පාදනය කළ හැකි ද යන්න මතභේදයට ලක්වූ කරුණක්.

එහෙත් ඊට පිළිතුරු දෙමින් උතුරු කොරියාව නිපද වූ න්‍යෂ්ටික බෝම්බයක් බව කියන යුද උපකරණයක් සමඟ උතුරු කොරියානු නායකයා පෙනී සිටින ඡායාරූපයක් ද දැන් නිකුත් කර තිබෙනවා.