සී.එස්.එන්. සිද්ධියට අදාළව දෙහිවල නිවසක් පරීක්ෂා කෙරේ

Tuesday, 15 March 2016 - 14:03

%E0%B7%83%E0%B7%93.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF%E0%B7%8F%E0%B7%85%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
සී.එස්.එන්. සිද්ධියේ විමර්ශනවලට අදාළව දෙහිවල - මිහිදු මාවතේ පිහිටි නිවසක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (15) පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙකු සදහන් කළේ අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව එම නිවස පරීක්ෂාවට ලක් කළ බවයි.

එම නිවසේ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ නම සඳහන් පුවරුවක්ද සවිකර තිබූ බවයි එම ස්ථානයට ගිය හිරු වාර්තාකරු සඳහන් කළේ.