නිශාන්ත රණතුංගගේ ඇප අයදුම ගැන තීන්දුව හෙට

Tuesday, 15 March 2016 - 14:07

%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
සී.එස්.එන්. නාලිකාව සම්බන්ධයෙන් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එම නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග ගොනුකළ ඇප අයදුම්පත්‍රය හෙට (16) සළකා බැලීමට කොළඹ මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්. මොරායස් අද නියෝග කළා.

ඊයේ (14) මෙම පෙත්සම සලකා බැලුණු අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් තීරණය අද (15) ප්‍රකාශයට පත් කරන බවයි විනිසුරුවරයා සදහන් කළේ.

නිශාන්ත රණතුංග වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

මොහුත් සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි යෝෂිත රාජපක්ෂ ඇතුලු සිව්දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව ඊයේ ඇප නියම කළා.