ට්‍රම්ප් සහ හිලරි ඇමරිකානු ජනාධිපති අපේක්ෂක සටනේ ඉදිරියෙන්

Wednesday, 16 March 2016 - 8:39

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B6%BB%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%9A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ඇමරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක සටනේ තවදුරටත් ඉදිරියෙන් සිටීමට ඩොනල්ඞ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් සමත්ව තිබෙනවා.

ෆ්ලෝරීඩා සහ ඔහායෝ ප්‍රාන්තවල ඊයේ පැවැති ඡන්ද විමසීමේදී ජය ලබා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට හැකි වුණා.

කෙසේ වෙතත්, රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඞ් ට්‍රම්ප්ට හැකි වූයේ ෆ්ලොරිඩා ප්‍රාන්තය පමණක් ජයග්‍රහණය කිරීමටයි.

ඊයේ පැවැති ඡුන්ද විමසීමේදී රිපබ්ලිකන් පක්ෂයේ මාකෝ රූබියෝ ජනාධිපතිවරණ අපේක්ෂක සටනින් ඉවත් වුණා.

ඒ, එම ප්‍රාන්ත දෙකෙන් ලද පරාජයත් සමඟයි.