ගැබිණි මවට වෙඩි තැබූ තවත් අයෙකු දැලේ

Wednesday, 16 March 2016 - 8:37

%E0%B6%9C%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B8%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
වැලිකඩ බන්ධනාගාරයට පැමිණි ගැබිණි කාන්තාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු පොළීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

42 හැවිරිදි මාතර - නාවිමන ප්‍රදේශයේ පදිංචි හිරාන් ක්‍රිශාන්ත හෙවත් මංජු නැමැත්තායි මෙලෙස පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු සන්තකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 10ක් ද සොයාගෙන තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැදවියෙකු බැලීමට පැමිණි මෙම ගැබිණි කාන්තාව වෙඩි ප්‍රහාරයට ලක්වූයේ පසුගිය 5 වැනිදායි.

පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාශය මීට පෙර සිද්ධියට සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත්තා.