Update : ගිනි අවි සමග ලේකම්වරයෙකුගේ ආරක්ෂකයෙකු අත්අඩංගුවට

Wednesday, 16 March 2016 - 8:43

Update+%3A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අලෙවි කිරීම සදහා ගිනි අවි රැගෙන යමින් සිටි පුද්ගලයින් 4 දෙනෙකු බණ්ඩාරගම ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර නොවිසඳුනු අපරාධ ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව මෝටර් රථයකින් යමින් සිටි මෙම පිරිස ඊයේ (15) හදිසි පරීක්ෂාවකට ලක් කළා.

මෝටර් රථයේ තිබී පිස්තෝල දෙකක්, ජීව උණ්ඩ 29 ක්,  පොලිසිය සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙණියාය,  දඹුල්ල, අනුරාධපුරය සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර, පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කරන නිලධාරියෙකු සිටින අතර, මොහු පසුගිය රජයේ අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ ආරක්ෂකයෙකු ලෙස සේවය කර ඇති බව පොලිසිය සදහන් කළා.

මොවුන් අදාළ අවි තවත් පුද්ගලයෙකු සදහා අලෙවි කිරීමට රැගෙන යමින් සිට ඇති බව ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා. සැකකරුවන් අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Update : Wednesday, March 16, 2016 13.26
---------------------------------------------------
බලපත්‍ර නොමැතිව පිස්තෝල 2ක් සහ ජීව උණ්ඩ 29ක් ළඟ තබාගත් සැකකරුවන් 4 දෙනෙකු බණ්ඩාරගම - විදාගම - සිරිරාජ මාවතේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර නොවිසඳුණු අපරාධ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

සැකකරුවන් දෙනියාය, බදුල්ල, අනුරාධපුරය සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මොවුන් අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.