update : බිරිඳට පහරදුන් පොලිස් නිලධාරියාට වැඩ වරදී

Wednesday, 16 March 2016 - 10:45

update+%3A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
බීමතින් තම බිරිඳට පහර දුන් බව කියන පොලිස් නිලධාරියෙකු නවගත්තේගම පොලීසිය අද අත්අඩංගුවට ගත්තා.

ඒ, පහරකෑමට ලක්වූ කාන්තාව පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් පසුවයි.

එම අවස්ථාවේදී අධික ලෙස මත්පැන් පානය කර සිටි මෙම පොලිස් නිලධාරියා හලාවත පොලීසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයෙක්.

එසේම පැමිණිල්ලක් ලියාගැනීම ප්‍රමාද කළ පානදුර පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේද වැඩ තහනම් කර ඇති බව හිරු ප්‍රවෘත්ති අංශයට අද වාර්තාවුණා.

Update : Wednesday, March 16, 2016 18.53
--------------------------------------------------

තම බිරිඳට පහර දුන් බව කියන පොලිස් නිලධාරියෙකු නවගත්තේගම පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බීමතින් සිටි තම සැමියා පහර දුන් බවට පහරකෑමට ලක්වූ කාන්තාව අද අලුයම පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් ලබාදී ඇති අතර, ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි නවගත්තේගම පොලීසිය සදහන් කළේ.

පොලිස් භාරයට පත්වන අවස්ථාවේදී ද මෙම පුද්ගලයා අධික ලෙස මත්පැන් පානය කරමින් සිට ඇති බව සදහන්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක්.