පන්නිපිටියේ වෙඩි තැබීමක්

Wednesday, 16 March 2016 - 10:59

%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පන්නිපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකුට පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් ඔහු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අද අලුයම මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි මහරගම පොලිසිය ප්‍රකාශ කළේ.

ජංගම මුර සංචාරක කටයුතුවල නිරතව සිටි පොලිස් නිලධාරින් පිරිසක් ව්‍යාපාරික ස්ථානයක් කොල්ලකෑමට සූදානම් වන පුද්ගලයෙකු නිරීක්ෂණය කර ඇති අතර පසුව ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී අදාළ පුද්ගලයා පොලිසියට බෝතලයකින් පහරදීමට උත්සාහ කර තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරින් කොල්ලකරුට වෙඩි තබා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.