Update : කවුඩානේ සිවුදෙනා මියගියේ විෂ වායුවකින්

Wednesday, 16 March 2016 - 12:28

Update+%3A+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%82+%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
දෙහිවල - කවුඩාන පාරේ නිවසක් තුළ හතරදෙනෙකු මියයාමට හේතුව විදුලි උඳුන ගිනිගැනීමෙන් ඇතිවූ විෂ වායුවක් බවට දැනට සිදුකරන ලද පරීක්ෂණවලින්  අනාවරණ වී ඇතැයි පොලීසිය පවසනවා.

මියගිය සිව්දෙනාගේ සිරුරු මේ වනවිට තැන්පත් කර ඇත්තේ කළුබෝවිල රෝහලේයි.

මහල් තුනකින් යුත් මෙම නිවසේ පහළ මහලේ සිව් දෙනෙකු පිලිස්සී මියගොස් සිටින බවට ලැබුණු පැමිණිල්ලකට අනුව දෙහිවල පොලිසියේ නිලධාරීන් අද උදෑසන මෙම සිරුරු සොයා ගත්තා.

පසුව අනාවරණ වුණේ 65 හැවිරිදි ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ 58 හැවිරිදි බිරිඳ, 14 හැවිරිදි දියණිය මෙන්ම 13 හැවිරිදි ඔවුන්ගේ ඥාති දියණියක් නිවස තුළ මියගොස් සිටින බවයි.

ඔවුන් නිවසේ විවිධ ස්ථානවල මියගොස් සිටීමද විශේෂත්වයක්.

මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ නිවසේ මුළුතැන්ගෙයි විදුලි උදුන අසල කිසියම් ගිනි ගැනීමක් සිදුව ඇති බවයි.

එමෙන්ම නිවසේ විදුලි පේනු සම්බන්ධ කර ඇති ස්ථාන කිහිපයක් පුපුරා ගොස් ඇති අතර, විදුලි උදුනද ගිනි ගෙන තිබෙනවා.

එමඟින් කිසියම් වායුවක් නිවසේ පැතිර ගොස් ඇති බවට සැක කෙරෙන අතර, වායු සමීකරණය කර ඇති නිවසට පිටතින් වාතාශ්‍රය නොපැමිණීම නිසා මෙම තත්ත්වය හටගෙන ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.  



Update : Wednesday, March 16, 2016 19.05
---------------------------------------------

දෙහිවල - කවුඩාන පාරේ නිවසක් තුළ තිබී හමුවූ මළ සිරුරු හතර එකම පවුලකට අයත් පුද්ගලයෙකුගේ බවට අනාවරණ වී තිබෙනවා.

මහල් තුනකින් යුත් මෙම නිවසේ පහළ මහලේ සිව් දෙනෙකු පිලිස්සී මියගොස් ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුවයි දෙහිවල පොලිසියේ නිලධාරින් අද පෙරවරුවේ මෙම සිරුරු සොයා ගත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි නිවසේ හිමිකරු, 52 හැවිරිදි ඔහුගේ බිරිඳ , 13 හැවිරිදි දියණිය සහ 13 හැවිරිදි ඔවුන්ගේ ඥාති දියණියක්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.