ඒකාබද්ධ විපක්ෂයේ රැළියට බාධා

Wednesday, 16 March 2016 - 13:03

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
ඒකාබද්ධ විපක්ෂය හෙට පැවැත්වීමට නියමිත රැළිය සඳහා නොයෙකුත් බාධා එල්ල වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළා.

ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹදී අද (16) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

මේ අතර, හෙට පැවැත්වෙන රැළියට සහභාගි වන මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට නිදහස් පක්ෂය ගෙන ඇති තීරණය පිළිබඳව මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළේ ඊට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේගෙන්.

කෙසේ වෙතත්, එවැනි දැනුම්දීමක් මෙතෙක් කර නොමැති බවයි මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ.