නිශාන්ත රණතුංගට ඇප

Wednesday, 16 March 2016 - 16:31

%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සී.එස්.එන්. නාලිකාවේ ප්‍රධාන විධායක නිලාධාරී නිශාන්ත රණතුංග කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල රුපියල් දශ ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත අද මුදාහැරියා.

තමාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා නිශාන්ත රණතුංග ගොනු කර ඇති ප්‍රතිශෝධිත ඇප අයදුම්පත මහාධිකරණ විනිසුරු එම්. සී. බී. එස්. මොරායස් හමුවේ අද සලකා බැලූ අවස්ථාවේදී ඊට අදාළ නියෝගයක් ලබාදෙන ලෙස කඩුවෙල මහේ්ස්ත්‍රාත්වරයාට කළ දැනුම්දීම අනුවයි.

තමාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා නිශාන්ත රණතුංග ගොනු කර ඇති ප්‍රතිශෝධිත ඇප අයදුම්පත මහාධිකරණ විනිසුරු එම්. සී. බී. එස්. මොරායස් හමුවේ අද සලකා බැලූ අවස්ථාවේදීයි.

මෙහිදී විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ පොදු දේපල පනතට මෙය අයත් නොවන බැවින් ප්‍රතිශෝධිත ඇප අයදුම් පත පිලිගන්නා බවයි.

ඒ අනුවට මොහුට ඇප ලබාදීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට කඩුවෙල මහෙස්ත්‍රාත්වරයාට නියෝග කර ඇත්තේ.

නිශාන්ත රණතුංග සමඟ අත්අඩංගුවට ගැණුනු යෝෂිත රාජපක්ෂ ඇතුළු හතර දෙනාට මේ වනවිට කොළඹ මහාධිකරණය ඇප නියම කර තිබෙනවා.