ඩොනල්ඞ් ට්‍රම්ප් කැරැල්ලකට සැරසේ

Thursday, 17 March 2016 - 9:03

%E0%B6%A9%E0%B7%9C%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
තමන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස පක්ෂය විසින්  නම් නොකළහොත් තම ආධාරකරුවන් කළහකාරී ලෙස හැසිරෙනු ඇති බව රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා.

ඔහු පවසන්නේ ජනපතිවරණ අපේක්ෂක සටනේ මේ වනවිට තමන් ඉදිරියෙන්ම පසුවන බවයි.

කෙසේ වෙතත්  ෆ්ලෝරීඩා සහ ඔහායෝ ප්‍රාන්තවල පෙරේදා පැවැති ඡන්ද විමසීමේදී ජය ලබා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ට හැකි වුණා.

කෙසේ වෙතත්, රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඞ් ට්‍රම්ප්ට හැකි වූයේ ෆ්ලොරිඩා ප්‍රාන්තය පමණක් ජයග්‍රහණය කිරීමටයි.

පෙරේදා පැවැති ඡන්ද විමසීමේදී රිපබ්ලිකන් පක්ෂයේ මාකෝ රූබියෝ ජනාධිපතිවරණ අපේක්ෂක සටනින් ඉවත් වුණා.

ඒ, එම ප්‍රාන්ත දෙකෙන් ලද පරාජයත් සමඟයි