පුහුණුව ලබමින් සිටි යුද හමුදා සෙබලෙකු හදිසියේ මියයයි

Thursday, 17 March 2016 - 8:35

%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිටි හමුදා සෙබලෙකු ඊයේ හදිසියේ මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අසනීප තත්ත්වයක් හේතුවෙන් අදාළ හමුදා සෙබළා අරලගංවිල රෝහලට ඇතුළත් කරන අවස්ථාව වනවිටත් ඔහු මියගොස් සිටි බවයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කිරලෝගම - කදුරුගස්වැව ප්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි යුද හමුදා සෙබලෙක්.