විදෙස් ගතවන කාන්තාවන්ගේ වයස් සීමාව සංශෝධනය කෙරේ

Thursday, 17 March 2016 - 10:54

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
රැකියා සදහා විදෙස් ගතවන කාන්තාවන් සදහා අවම හා උපරිම වයස් සීමාවක් හදුන්වාදීමට කටයුතු කරන බව විදෙස් සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එළඹෙන අප්‍රේල් මාසයේ සිට නව සංශෝධනය සිදුකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

දැනට ක්‍රියාත්මක වයස් සීමාවන්ට අනුව සෞදි අරාබියේ රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන්ගේ අවම වයස් සීමාව අවුරුදු 25 ක්.

එමෙන්ම මැද පෙරදිග රටවල් වන කුවේට්, ජෝර්දාන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ලෙබනනය, කටාර් සහ  ඕමාන් සඳහා විදේශ ගතවන කාන්තාවන්ට පනවා ඇති අවම වයස් සීමාව අවුරුදු 23 ක් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.